Home Community 🛕 Temples Dhamma Events
📖 Dhamma Dāna ධර්ම දාන 🌐 Public

සංඝරත්නය වෙත සටහන් පොත් හා උපකරණ කිහිපයක් පූජා කිරීම

About this Pinkam

ගාල්ල උඩුගම ප්‍රදේශයේ ආරණ්‍ය සෙනසුනක වැඩවෙසෙන සංඝරත්නය වෙත සටහන් පොත් හා උපකරණ කිහිපයක් පූජා කලෙමි🙏

කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවට අයත් ආරණ්‍ය සෙනසුනක් වෙත මෙලෙස පූජා කලෙමි. එම සෙනසුණේ දහම් අධ්‍යාපනය ලබන කුඩා ස්වාමීන් වහන්සේලාද කිහිප නමක් වැඩ වාසය කරන අතර මේ පොත්පත් උපකරණ උන්වහන්සේලාටද පහසුවක් උපකාරයක් වේ.

Location

හේවිසිගල ආරණ්‍යය Hewisigala Aranyaya

🙏 Wish / Prayer

☸️මේ පුණ්‍යානුබලයෙන් මාගේ ඉෂ්ඨ වූ බලාපොරොත්තු සඵල වේවා... නිවන් දක්නා ජාති දක්වා දුගතියක් හමුනොවේවා... නිවන් දක්නා ජාති දක්වා විරහ වේදනා, සතුරු පීඩා ආදියෙන් අත්මිදේවා... දිව්‍ය බ්‍රහ්ම සැපද සහිතව මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේදීම උතුම් වූ සෝවාන් මගඵල අවබෝධය පිණිසම වේවා.🙏

📿 Merit Giving / ආනිශංස

👪මාගේ දෙමව්පින්ටත් නිදුක් නිරෝගී සුවය ලැබී ඔවුන්ගේ යහපත් සිතුමන් පැතුමන්ද ඉටු වේවා...ඉක්මන් භවයකම මගඵල අවබෝධය පිණිසම වේවා..🙏
🤍💜ජීවිතේ අමාරු අපහසු කාලයන්හි මා ළඟින් සිටි සිටි ලෙන්ගතු සමීපතමයන්ටද මේ පින්කම් නොදැක්කා වුවත් මේ පින් බලයෙන් නිදුක් නිරෝගී යහපත් ජීවිතයක් ලැබ දිව්‍ය බ්‍රහ්ම සැප කෙලවර නොපමාව මගඵල නිවන් අවබෝධය පිණිසම හේතු වේවා..
🧚පින් කැමති සියලු දෙවියන්ද සතුටු සිතින් අනුමෝදන් වේවා...
මෙය දකින ඔබත් සතුටු සිතින් අනුමෝදන් වේවා...☸️🙏
0 Save Share Facebook WhatsApp Updated June 23, 2026

Delete Pinkam?

This action cannot be undone. Your pinkam and all its photos will be permanently deleted.

Delete