Home Community 🛕 Temples Dhamma Events
🤲 Dāna දාන 🌐 Public

සංඝරත්නය වෙත කුඩ කිහිපයක් පූජා කිරීම

About this Pinkam

☂️අනුරාධපුර ප්‍රදේශයේ සෙනසුනක මහා සංඝරත්නය වෙත උන්වහන්සේලාගේ අවශ්‍යතාව විමසා බලා බලාපොරොත්තු වූ ආකාරයේ කුඩ කිහිපයක් පූජා කලෙමි...☔︎︎ 

🙏🏻 මෙය උන්වහන්සේලා හට අව් වැසි ආදියෙන් ආරක්ෂා වී පිළිවෙත් පූරණය පහසු කරගැන්ම පිණිසත් ධර්ම ප්‍රචාර කටයුතුවල පහසුව පිණිසත් උපකාරයක්ම වේවා...🙏🏻


☔ඡත්‍ර දානයේ අනුසස් අට☔

බුදුන් වහන්සේට ද උත්තම වූ සංඝයා හට ද කුඩ පුදා මාගේ කර්මයට සුදුසු වූ ආනිසංස අටක් අනුභව කරමි.

⋆ශීතෝෂ්ණ දෙකින් පීඩා නො ලබමි. 

⋆මාගේ ශරීරයේ කුණු නො ඇලෙයි. 

⋆උපද්‍රව නැත්තේ වෙමි. 

⋆අන්තරාය නැත්තේ වෙමි. 

⋆හැම කල්හි අන්‍යයන් විසින් ගරු කරන ලද්දේ වෙමි. 

⋆සියුම් සම ඇත්තේ වෙමි. 

⋆මාගේ සිත පිරිසිදු වෙයි. 

⋆කුඩ පූජා කිරීම වූ ඒ කර්මයේ බලයෙන් සසර සැරිසරන්නා වූ මාගේ හිස මත මේ ජාතියෙන් අන්‍ය ජාතීන්හි සර්වාලංකාරයෙන් යුක්ත වූ කුඩ ලක්ෂයක් දැරූහ.

(පිළින්‍දිවච්ඡ අපදානය) 

Location

අනුරාධපුර

🙏 Wish / Prayer

☸️මේ පුණ්‍යානුබලයෙන් මාගේ ඉෂ්ඨ වූ බලාපොරොත්තු සඵල වේවා... නිවන් දක්නා ජාති දක්වා දුගතියක් හමුනොවේවා... නිවන් දක්නා ජාති දක්වා විරහ වේදනා ආදියෙන් අත්මිදේවා... දෙව් මිනිස් සැප කෙලවර මගඵලඅවබෝධය පිණිසම උපකාරයක් වේවා...

👪එමෙන්ම මාගේ දෙමව්පින්ටත් නිදුක් නිරෝගී සුවය ලැබී ඔවුන්ගේ යහපත් සිතුමන් පැතුමන්ද ඉටු වේවා...

📿 Merit Giving / ආනිශංස

🧚පින් කැමති සියලු දෙවියන්ද සතුටු සිතින් අනුමෝදන් වේවා...

මෙය දකින ඔබත් සතුටු සිතින් අනුමෝදන් වේවා...☸️🙏

0 Save Share Facebook WhatsApp Updated July 5, 2026

Delete Pinkam?

This action cannot be undone. Your pinkam and all its photos will be permanently deleted.

Delete