Home Community 🛕 Temples Dhamma Events
🤲 Dāna දාන 🌐 Public

ආරණ්‍ය සේනාසනයක රෝපණය කිරීම සඳහා මී පැල පූජා කිරීම

About this Pinkam

🙏ආරණ්‍ය සේනාසනයක රෝපණය කිරීම සඳහා මී පැල 30ක 🌳 ප්‍රමාණයක් පූජා කර දිවා රෑ දෙකෙහි පින් වැඩෙන පින්කමක් සිදු කලෙමි...

🙏මෙය ආරණ්‍ය සෙනසුනේ මනා පැවැත්ම උදෙසාත් සිව් දිගින් වඩින්නා වූ ද, තුන් කල්හි වැඩ වසන්නා වූ ද මහා සංඝරත්නය උදෙසා පිළිවෙත් පූරණය සඳහා පහසුවක් උපකාරයක්ද වේවා... 


🌲රුක් රෝපණයේ අනුසස් 🌲

-කිනම් කෙනකුන්ට හැමකල්හි දහවලුත් රෑත් පින් වැඩේ ද? දහම්හි පිහිටි ශීලසම්පන්න වූ කිනම් ජනයෝ ස්වර්‍ගයට යෙත් ද?

-යම් ජන කෙනෙක් මල්පල උයන් වවන්නෝ වෙත් ද, පියවි වන වගා කොට දෙන්නෝ වෙත් ද, ඒ දඬු පාලම් කරවන්නෝ වෙත් ද, යම් කෙනෙක් පැන්හලුත් පැන් පොකුණුත් ආවාසත් දෙ ද් ද,

ඔවුන්ට හැමකල්හි දහවලුත් රෑත් පින් වැඩේ. දහම්හි පිහිටි ශීල සම්පන්න වූ ඒ ජනයෝ ස්වර්‍ගයට යෙත්.

 ~වනරෝප සූත්‍රය~ භාග්‍යවතුන් වහන්සේ☸️

වනරොපා:- ඉබේ හැදුණු, රෝපණය නො කළ වනයෙහි සීමාවක් දමා චෛත්‍ය, බෝධි, සක්මන් මළු, කුටි, ලෙන්, රාත්‍රි ස්ථාන, දිවාස්ථාන කරන්නෝ 🌱සෙවන සපයන රුක් රෝපණය කර දෙන්නෝ ද ‘වනරොපා’ ම නමි. 

සදා පුඤ්ඤං පවඩ්ඪති:- අකුසල විතර්ක මෙනෙහි කරන්නහුට හෝ නිදා සිටින කෙනෙකුට හෝ නො වැඩේ. යම් යම් විටක අනුස්මරණය කරයි ද ඒ ඒ අවස්ථාවේ දී වර්ධනය වේ. මේ අර්ථය පිණිස “සදා පුඤ්ඤං පවඩ්ඪති’ යි කියන ලදි.

Location

අනුරාධපුර

🙏 Wish / Prayer

☸️මේ පුණ්‍යානුබලයෙන් මාගේ ඉෂ්ඨ වූ බලාපොරොත්තු සඵල වේවා... අපගේ මේ මනුෂ්‍ය භවයද ආලෝකවත් වේවා... නිවන් දක්නා ජාති දක්වා දුගතියක් හමුනොවේවා... නිවන් දක්නා ජාති දක්වා විරහ වේදනා ආදියෙන් අත්මිදේවා... දෙව් මිනිස් සැප කෙලවර මගඵලඅවබෝධය පිණිසම උපකාරයක් වේවා...

📿 Merit Giving / ආනිශංස

🧚පින් කැමති සියලු දෙවියන්ද සතුටු සිතින් අනුමෝදන් වේවා...
මෙය දකින ඔබත් සතුටු සිතින් අනුමෝදන් වේවා...☸️🙏
0 Save Share Facebook WhatsApp Updated July 4, 2026

Delete Pinkam?

This action cannot be undone. Your pinkam and all its photos will be permanently deleted.

Delete