📖 Dhamma Dāna ධර්ම දාන
🌐 Public
June 23, 2026
ධර්ම ග්‍රන්ථ දෙකක් පූජා කිරීම ධර්ම දානයක්
About this Pinkam
සෙවණගල ප්‍රදේශයේ වැඩවාසය කරන භික්ෂූන් වහන්සේ නමක් වෙත උන්වහන්සේට අවශ්‍යව තිබූ ධර්ම ග්‍රන්ථ දෙකක් පූජා කිරීමට හැකිවූවා🙏
උන්වහන්සේ විසින් ධර්ම අධ්‍යන කටයුතු සඳහා අවශ්‍ය බැවින් සොයමින් සිටි එම ග්‍රන්ථ දෙක උන්වහන්සේ වැඩ වසන සෙනසුන වෙත ලබීමට් සලස්වන්න හැකිවුනා.
Location
සෙවනගල
🙏 Wish / Prayer
මෙම ධර්ම ග්‍රන්ථ උන්වහසේලාට ශාසන පිළිවෙත මැනවින් කරමින්, ධර්මඥාණයද වඩවා ගනිමින් මේ සසුන චිරාත් කාලයක් සුරැකීමට උපකාර වේවා.🙏
☸️මේ පුණ්‍යානුබලයෙන් මාගේ ඉෂ්ඨ වූ බලාපොරොත්තු සඵල වේවා... නිවන් දක්නා ජාති දක්වා දුගතියක් හමුනොවේවා... නිවන් දක්නා ජාති දක්වා විරහ වේදනා, සතුරු පීඩා ආදියෙන් අත්මිදේවා... දිව්‍ය බ්‍රහ්ම සැපද සහිතව මේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේදීම උතුම් වූ සෝවාන් මගඵල අවබෝධය පිණිසම වේවා.🙏
👪එමෙන්ම මාගේ දෙමව්පින්ටත් නිදුක් නිරෝගී සුවය ලැබී ඔවුන්ගේ යහපත් සිතුමන් පැතුමන්ද ඉටු වේවා...ඉක්මන් භවයකම මගඵල අවබෝධය පිණිසම වේවා..🙏
🤍💜ජීවිතේ අමාරු අපහසු කාලයන්හි මා ළඟින් සිටි සිටි ලෙන්ගතු සමීපතමයන්ටද මේ පින්කම් නොදැක්කා වුවත් මේ පින් බලයෙන් නිදුක් නිරෝගී යහපත් ජීවිතයක් ලැබ දිව්‍ය බ්‍රහ්ම සැප කෙලවර නොපමාව මගඵල නිවන් අවබෝධය පිණිසම හේතු වේවා..
📿 Merit Giving / ආනිශංස
🧚පින් කැමති සියලු දෙවියන්ද සතුටු සිතින් අනුමෝදන් වේවා...
මෙය දකින ඔබත් සතුටු සිතින් අනුමෝදන් වේවා...☸️🙏