"අභිධර්ම මාර්ගය" වටිනා ධර්ම ග්‍රන්ථ ත්‍රිත්වයක් පූජා කිරීම - ධර්ම දාන
About this Pinkam
💎 ගනේමුල්ල ප්‍රදේශයේ වැඩවාසය කරන, අභිධර්ම ඉගැන්වීම් කටයුතු හා තවත් ධර්ම ප්‍රචාර කටයුතු සිදුකරන ස්වාමීන්වහන්සේ නමක් වෙත, උන්වහන්සේගේ අභිධර්ම පන්ති වල බෙදා දීම සඳහා "අභිධර්ම මාර්ගය" වටිනා ධර්ම ග්‍රන්ථ ත්‍රිත්වයක් පූජා කලෙමි.
(රේරුකාණේ චන්දවිමල මහනාහිමියන් විසින් රචිත මේ අභිධර්ම මාර්ගය පොත අභිධර්ම ඉගෙන ගන්නා අයවලුන් සඳහා ඉතාම වටිනා ග්‍රන්ථයකි🙏)
🙏🏻 මෙය උන්වහන්සේලාගේ දහම් දැනුම වර්ධනය පිණිසත් තව තවත් ධර්ම ප්‍රචාර කටයුතුවල පහසුව පිණිසත් උපකාරයක්ම වේවා...🙏🏻
Location
ගනේමුල්ල
🙏 Wish / Prayer
☸️මේ පුණ්‍යානුබලයෙන් මාගේ ඉෂ්ඨ වූ බලාපොරොත්තු සඵල වේවා... නිවන් දක්නා ජාති දක්වා දුගතියක් හමුනොවේවා... නිවන් දක්නා ජාති දක්වා විරහ වේදනා ආදියෙන් අත්මිදේවා... දෙව් මිනිස් සැප කෙලවර මගඵලඅවබෝධය පිණිසම උපකාරයක් වේවා...
👪එමෙන්ම මාගේ දෙමව්පින්ටත් නිදුක් නිරෝගී සුවය ලැබී ඔවුන්ගේ යහපත් සිතුමන් පැතුමන්ද ඉටු වේවා...
📿 Merit Giving / ආනිශංස
🧚පින් කැමති සියලු දෙවියන්ද සතුටු සිතින් අනුමෝදන් වේවා...
මෙය දකින ඔබත් සතුටු සිතින් අනුමෝදන් වේවා...☸️🙏