අධ්‍යාපන කටයුතු හදාරන මෙහෙණින් වහන්සේ නමක් උදෙසා ධර්ම ග්‍රන්ථ කිහිපයක් පූජා කෙලෙමි 

අධ්‍යාපන කටයුතු හදාරන මෙහෙණින් වහන්සේ නමක් උදෙසා ධර්ම ග්‍රන්ථ කිහිපයක් පූජා කෙලෙමි Cover Image


☸️අධ්යාපන කටයුතු හදාරන මෙහෙණින් වහන්සේ නමක් උදෙසා ධර්ම ග්රන්ථ කිහිපයක් පූජා කෙලෙමි...🙏
📖 විනය කර්ම පොත
📖 උපසම්පදා ශීලය
📖 ප්රාතිමෝක්ෂ විවරණය
📖 පාලි ත්රිපිටක ග්රන්ථ වංශය
📖 ආදි බෞද්ධ දර්ශනය
🧘මේ ධර්ම දානය තව තවත් දහම් මග වඩමින් පිළිවෙත් පූර්ණය පිණිස මෙන්ම අධ්යාපන කටයුතු උදෙසාද උපකාරයක් වේවා...
 
✳️ ධර්ම දානයේ ආනිසංශ ✳️
ඉදින් වනාහි සක්වල ගැබ සිට නේවසඤ්ඤානාසඤ්ඤායතන අරූපි බඹලොව දක්වා අතරක් නැතිව සිටින සේ වඩා හිඳුවා බුදු, පසේබුදු, මහ රහතන් වහන්සේලාට කෙසෙල් බඩ (ගොබ) මෙන් අතිශයින් ම දුහුල් සිනිදු සිවුරු දෙන්නේ වේ ද, ඒ චීවර දානමය පිංකමට ද වඩා එහි සතර පද ගාථාවකින් කරන ලද ධර්ම අනුමෝදනාව ශ්රේෂ්ඨ වේ කියා ය. තව ද, “තං හි දානං තස්සා ගාථාය සෝළසිං කලං නාග්ඝති” යැයි එහි වදාරා ඇති පරිදි ඒ සක්වල ගලේ සිට භවාග්රය දක්වා අතරක් නැතිව බුදු, පසේබුදු, මහ රහතුන් වඩා හිඳුවා දුන් දානයෙහි විපාකය සතර පද ගාථාවකින් අනුමෝදනා බණ කියා ලද විපාකයෙන් සොලොස් කලාවකුදු (දහසයෙන් කොටසකදු) නො වටී යනුවෙන් දක්වා ඇත. මෙසේ බුදු බණ පදයක් නමුදු දේශනා කිරීම ශ්රවණය කිරීම මහත් ඵල ගෙන දේ යැ යි වදාරා ඇත .
සක්වල ගැබ සිට භවාග්රය දක්වා අතරක් නැතිව බුදු, පසේබුදු, මහ රහතන් වහන්සේලා වඩා හිඳුවා දෙන ලද ප්රණීත පිණ්ඩපාත දානයට ද වඩා ධර්ම දානමය පිංකම ශ්රේෂ්ඨ වේ. එසේම වඩා හිඳුවා පාත්ර පුරවා දෙන ලද ගිතෙල් ආදී බෙහෙත් දානයට ද වඩා ධර්ම දානමය පිනම ශ්රේෂ්ඨ වේ. එසේම මහා විහාරයන්ට සමාන විහාර ද, එසේම ලෝවාමහාපාය වැනි ප්රාසාදයන් නොයෙක් සියදහස් ගණනින් කරවා දෙන ලද සේනාසන දානයට ද වඩා ධර්ම දානමය පිනම උතුම් වේ.
අනාථ පිණ්ඩික සිටුතුමා දෙව්රම් වෙහෙර සඳහා කළ පනස් හතර කෝටියක ධන පරිත්යාග චේතනාවට ද වඩා යටත් පිරිසෙයින් සතර පද ගාථාවකිනුදු අනුමෝදනා ධර්ම දේශනයක් සිදුකෙරේ නම්, ධර්ම දානමය පිංකමක් සිදු කෙරේ නම් ඒ ධර්ම දානමය පිංකම ම දානමය පිංකම් අතර අග්ර වේ, ශ්රේෂ්ඨ වේ, උතුම් වේ යැ යි දක්වා ඇත.
එයට හේතුව නම් ඉහත කී සිවුරු පිදීම පිණ්ඩපාත දාන සෙනසුන් ඉදිකිරීම් ආදී පුණ්ය කර්ම කරනුයේ ධර්මය අසා දැන ගත් බැවිනි. ධර්මය දැන කියා ගැනීමට නො ලැබුණි නම් කැඳ සරලුවකුදු බත් හැන්දකුදු නො දෙන බව ධර්මයේ පෙන්වා ඇත. මේ කරුණින්ද ධර්ම දානමය පිංකම ම සියලු දන් පරදවන බව දත යුතු ය. තව ද රහත් බෝධියෙන් නිවන් දුටු පිරිස අතර අගතැම්පත් සැරියුත් ස්වාමින් වහන්සේට කල්පයක් මුළුල්ලෙහි වසින වර්ෂාවේ දියබිඳු ප්රමාණය කීමට තරම් මහා නුවණක් ඇත්තේ ය. මේ තරම් නුවණක් ඇති සැරියුත් හිමිට ද බණ පදයක් දැන ගැනීමට නො ලැබුණි නම් නිවන් දැකීමට නො හැකි වන්නේ ය. මේ හේතුවෙන් ධර්ම දාන ම ය පින ම සියලු දාන ම ය පිංකම් වලට වඩා ශ්රේෂ්ඨ වන බව අග්ර වන බව තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ සක් දෙවිඳුට වදාරන්නට යෙදුනේ ය.🙏

Location

Aranaganwila

Expenditure

(රු.) 3800.00

📜 ප්‍රාර්ථනය

☸️මේ පුණ්‍යානුබලයෙන් මාගේ ඉෂ්ඨ වූ බලාපොරොත්තු සඵල වේවා... නිවන් දක්නා ජාති දක්වා දුගතියක් හමුනොවේවා... නිවන් දක්නා ජාති දක්වා විරහ වේදනා ආදියෙන් අත්මිදේවා... දෙව් මිනිස් සැප කෙලවර මගඵලඅවබෝධය පිණිසම උපකාරයක් වේවා... 👪එමෙන්ම මාගේ දෙමව්පින්ටත් නිදුක් නිරෝගී සුවය ලැබී ඔවුන්ගේ යහපත් සිතුමන් පැතුමන්ද ඉටු වේවා... 🤍ජීවිතේ අමාරු අපහසු කාලයන්හි මා ළඟින් සිටි සිටි ලෙන්ගතු සමීපතමයන්ටද මේ පින්කම් නොදැක්කා වුවත් මේ පින් බලයෙන් නිදුක් නිරෝගී යහපත් ජීවිතයක් ලැබ දෙව් මිනිස් සැප කෙලවර නොපමාව මගඵල නිවන් අවබෝධය පිණිස හේතු වේවා..

🙏 පුණ්‍යානුමෝදනාව

🧚පින් කැමති සියලු දෙවියන්ද සතුටු සිතින් අනුමෝදන් වේවා... මෙය දකින ඔබත් සතුටු සිතින් අනුමෝදන් වේවා...☸️🙏

2025-06-14 05:10

Profile Picture nuwan_ganegoda

Page 27
of 35 Pages

Log in to bookmark this Pinkam.





Comments:

No comments yet. Be the first to comment!

You must be logged in to post a comment.