සංඝරත්නය උදෙසා සිදුකල පාවහන් පූජාවකට යම් දායකත්වයක් ලබාදීම
About this Pinkam
🩴හසිත නම් මහත්මයෙකු විසින් සංවිධානය කර තිබූ මහාසංඝරත්නය උදෙසා පාවහන් පූජා කිරීමේ පුණ්‍යකර්මයට මා ද කැප ආකාරයේ පාවහන් ජෝඩු දෙකකින් දායකත්වය ලබාදුන්නා..👣
🙏මෙය එම භික්ෂූන් වහසේලා හට පිළිවෙත් පූරණය සඳහා පහසුවක් උපකාරයක්ද වේවා...
💠පාවහන් පිදීමේ ආනිසංස💠
🩴උපාහනදායක හිමි චන්දන නම් ශ්‍රාවකයන් වහන්සේට එකඟ වූ සිතින් නුවණ යොදා පාවහන් යුවලක් පිදූ පිනින් කල්ප අනු එකක් දුගතියකට නො ගියේ ය.
(අපදාන පාලි 256 අපදානය)
🩴පනාධිදායක හිමි අනෝමදස්සී බුදුරජාණන් වහන්සේට පයේ දා සිටි පාවහන් යුවල පුදා පනස් පස් වතාවක් දෙදෙව් ලොවට අධිපති සක් දෙවිඳුව උපන්නේය. දහස් වරක් සක්විති රජවිය. ඒ පිනින් සසර ගමනේ දී
🔹වේගයෙන් යා හැකි යාන වාහන ලැබුණා.
🔹ප්‍රසාද, රන් සිවිකා, වටිනා ඇතුන් අසුන් ද ලැබුනා හ.
🔹අග්‍ර ගණයේ පාවහන් ද ලැබී ඇත.
(අපදාන පාලි 479 වන අපදානය)
🙏 Wish / Prayer
☸️මේ පුණ්‍යානුබලයෙන් මාගේ ඉෂ්ඨ වූ බලාපොරොත්තු සඵල වේවා... මේ නිවන් මගද සුවපහසුවෙන් ගමන් කිරීමට හැකිවේවා... නිවන් දක්නා ජාති දක්වා දුගතියක් හමුනොවේවා... නිවන් දක්නා ජාති දක්වා විරහ වේදනා ආදියෙන් අත්මිදේවා... දෙව් මිනිස් සැප කෙලවර මගඵලඅවබෝධය පිණිසම උපකාරයක් වේවා...
📿 Merit Giving / ආනිශංස
🧚පින් කැමති සියලු දෙවියන්ද සතුටු සිතින් අනුමෝදන් වේවා...
මෙය දකින ඔබත් සතුටු සිතින් අනුමෝදන් වේවා...☸️🙏