වස් සමාදන් වී සිටින ස්වාමීන්වහන්සේලා දෙනමක් උදෙසා හැකිලිය හැකි මෙට්ට හා කොටන් කොට්ට දෙකක් පූජා
About this Pinkam
🙏මොණරාගල ගලබැද්ද ප්‍රදේශයේ ගල් ලෙනක වස් සමාදන් වී සිටින ස්වාමීන්වහන්සේලා දෙනමක් උදෙසා 6x3 ප්‍රමාණයේ හැකිලිය හැකි මෙට්ට දෙකක් 🛏 සහ 20"x30" ප්‍රමාණයේ කොටන් කොට්ට දෙකක් 💭 පූජා කරන්නට යෙදුණා...
🙏මෙය උන්වහන්සේලාගේ පිළිවෙත් පූරණය සඳහා පහසුවක් උපකාරයක්ම වේවා...
-මෙට්ට පිදීමේ ආනිසංස-
සුවණ්ණ බිම්බෝහන හිමි ට පෙර මෙට්ටයක් පිදු පිනින් සක්විති සැපත ඇතුළු බොහෝ සැප ලැබී ඇති බව අපදාන පාලියේ 271 වන අපදානයේ සඳහන් කොට ඇත. මෙට්ට පිදීමේ හේතුවෙන් පිළින්‍දිවච්ඡ හිමිට ප්‍රධාන අනුසස් සයක් ලැබී ඇත්තාහ.
🔸සම වූ සිරුර ඇත්තෙක් වේ.
🔸ගරු කරන ලද්දෙක් වේ.
🔸මෘදු ශරීර ඇත්තෙක් වේ.
🔸මනා දැකුම් ඇති ශරීර ඇත්තෙක් වේ.
🔸ඥාණය ලැබේ.
🔸පරිවාර සම්පත් ලැබේ.
-කොට්ට පිදීමේ ආනිසංස සය-
🔸වටිනා කොට්ට ලැබේ.
🔸ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙහි හිත එළවා විසීමට ශක්තිය ලැබේ.
🔸ඉන්ද්‍රිය දමනයෙන් යුක්ත වේ.
🔸සිත සමාධි කරගත හැකි වේ.
🔸වත් පිළිවෙත් ආචාර සමාචාර ගුණ වලින් යුත් උතුමෙකු වේ.
🔸බෝධිපාක්‍ෂික ධර්මයන් හා ත්‍රි ශික්‍ෂාවන් අනුගමනය කිරීමට ශක්තිය ලැබේ.
(පිළින්‍දිවච්ඡ අපදානය)
Location
මොණරාගල
🙏 Wish / Prayer
☸️මේ පුණ්‍යානුබලයෙන් මාගේ ඉෂ්ඨ වූ බලාපොරොත්තු සඵල වේවා... අපගේ මේ මනුෂ්‍ය භවයද ආලෝකවත් වේවා... නිවන් දක්නා ජාති දක්වා දුගතියක් හමුනොවේවා... නිවන් දක්නා ජාති දක්වා විරහ වේදනා ආදියෙන් අත්මිදේවා... දෙව් මිනිස් සැප කෙලවර මගඵලඅවබෝධය පිණිසම උපකාරයක් වේවා...
👪එමෙන්ම මාගේ දෙමව්පින්ටත් නිදුක් නිරෝගී සුවය ලැබී ඔවුන්ගේ යහපත් සිතුමන් පැතුමන්ද ඉටු වේවා...
📿 Merit Giving / ආනිශංස
🧚පින් කැමති සියලු දෙවියන්ද සතුටු සිතින් අනුමෝදන් වේවා...
මෙය දකින ඔබත් සතුටු සිතින් අනුමෝදන් වේවා...☸️🙏